Powered By Blogger

Sunday, September 14, 2014

                                                                   -නෑගම් යෑම-

සේල් එකෙන් ගත් කලිසම ඈඳගෙන
සේල් එකෙන් ගත් සායත් ඈඳගෙන
ෆේල් නොවී ලෝකය ජයගන්නට
ෆයිල් එකයි පොත් මිටියයි අරගෙන

ස්ටයිල් එකට අත් බෑගය දාගෙන
මයිල් ගහත් ටක්කෙට පීරාගෙන
ඔයිල් එකත් හිස දිගට හලාගෙන
වීල් එකෙන් අපි යමු පියඹාගෙන

අත්තම්මා, මාමා, සීය
ලොකු අම්මා, නෑන්දා, ආයා

හිරු කුමරා අද නෑති සේයා
ටියුෂන් කුමරා ඈත පායා..
                        -දෙව්වා-
        

No comments:

Post a Comment