-අයියෝ වාසිටි-
අර පොත් බලපන්
මේ පොත් බලපන්
තව පොත් බලපන්
වන පොත් කරපන්
යන්නට වාසිටි...
නෑටුමක් නටපන්
බෑ...
කවියක් කියපන්
බෑ.....
ගීයක් ගයපන්
බෑ.....
වාසිටි පලයන්
හා.......
නින්දත් මරපන්
පන්තිත් පලයන්
සෙල්ලං අරහං
පාඩම් කරපං
හොද්දක් හදපං
බෑ...
රෙද්දක් නවපං
බෑ..
වාසිටි පලයන්
හා.......
එහෙං පලයං
හනිකට පලයං
ඔක්කොම කරපං
ලෝකෙම දිනපං
-දෙව්වා-


No comments:
Post a Comment